Eyekon eClass
Student Support Center

ඔබගේ Eyekon eClass student account සම්බන්දව ඔබට තිබෙන ගැටලු අප වෙත යොමු කරන්න.

ඔබගේ Eyekon eClass student accounts හි කුමන හෝ තාක්ෂණික ගැටළුවක් පවතීනම් එය නිරාකරණය කරගැනීම සදහා අප හා සම්බන්ද වන්න. පහල සදහන් උපදෙස් මාලාව හොදින් අධ්‍යනය කරන්න. එහි සදහන් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.

- [Last Update - 2020 November 25] -

1) Eyekon eClass හි ලියාපදිංචි වීම.

ඔබ මේ වනවිටත් Eyekon institute හි ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් නම් එහෙත් ඔබට තවමත් Eyekon eClass ශිෂ්‍ය ගිණුමක් (student account) නොමැතිනම් ඔබ ඔබගේ ගුරුවරයා සම්බන්ධ කරගන්න. ඉන්පසු ඔබගේ ගුරුවරයා ඔබගේ ගිණුමට අදාල username සහ password ඔබට ලබාදෙනු ඇත. එම username සහ password භාවිත කර ඔබට ඔබගේ Eyekon eClass ශිෂ්‍ය ගිණුම (student account) සදහා ප්‍රවේශ (log) විය හැක.

2) මම Eyekon eClass account එකට log වෙන්න try කරද්දී මගේ username, password වැරදි කියල error message එකක් එනවා.

ඔබගේ Eyekon eClass student account සදහා ප්‍රවේශ (log) වීමට උත්සාහ කිරීමේදී “ERROR: THE PASSWORD YOU ENTERED FOR THE USERNAME _ IS INCORRECT.” ලෙස දෝෂ පණිවිඩයක් (error message) දර්ශනය වනවා නම් එයට හේතුව වනුයේ, ඔබ විසින් ඔබගේ student account සදහා log වීමට භාවිත කරන ලද username හෝ password වල කුමන හෝ දෝෂයක් පැවතීමයි. ඔබ විසින් භාවිත කරන ලද username සහ password නිවැරදි දැයි හොදින් පරීක්ෂා කර නැවත වරක් log වීමට උත්සාහ කරන්න.

එහෙත් එම ගැටලුව තවමත් පවතීනම්, ඔබගේ දැනට පවතින password එක අලුත් password එකක් දක්වා වෙනස් කලයුතු වේ. (password change/reset). ඒ සදහා පහත සදහන් පෝරමය නිවැරදිව පුරවා SUBMIT” button එක 1වරක් click කරන්න. ඔබගේ username සහ email නිවැරදිව ලබාදීම අනිවාර්ය වේ. ඔබ විසින් අප වෙත ලබාදෙන ලද username හෝ email වල යම් දෝෂයක් පවතීනම් දැනුම්දීමකින් තොරව ඔබගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඔබ විසින් ලබාදෙන නව මුරපදය (new password) සුරක්ෂිතව සටහන් කර තබාගන්න. මින් ඉදිරියට ඔබ ඔබගේ student account සදහා log වීමට භාවිත කල යුත්තේ එම නව මුරපදයයි (new password).

ඔබගේ ගැටලුව අප වෙත යොමුකර පැය 3ක් ඇතුලත ඔබගේ password change/reset කිරීම සිදුකරනු ලබයි. පැය 3කට පසුව ඔබ විසින් ලබදෙන ලද new password භාවිතා කරන ඔබගේ student account සදහා log වන්න. Password change/reset කරගැනීම සදහා මෙහි සදහන් දුරකථන අංකය හරහා සම්බන්ද වීමෙන් වලකින්න. අප විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.

3) මම Eyekon eClass account එකට log වෙන්න try කරද්දී "USER ALREADY LOGGED IN" කියල error message එකක් එනවා.

මෙම ගැටලුව සදහා ප්‍රධාන හේතු 2ක් බලපානු ලබයි.

1) පලමු හේතුව; ඔබ ඔබගේ Eyekon eClass student account හි username, password තවත් අයෙකුට/පාර්ශවයකට ලබා දී තිබීම. ඔබගේ ගිණුම සදහා දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් log වීමට උත්සහ කිරීමේදී මෙවැනි දෝෂයක් පැමිණේ.

2) දෙවෙනි හේතුව; ඔබ ඔබගේ Eyekon eClass student account භාවිතා කර අවසානයේ “logout” වීමෙන් තොරව browser එක close කිරීම හෝ recent app වලින් browser එක ඉවත් කිරීම.

මෙහිදී සිදුවනුයේ, ඔබගේ student account එක සදහා කිහිපදෙනෙකු access/log වීමට උත්සහ කලොත් ඔබගේ student account එක ස්වයන්ක්‍රියව අවහිර (block) වීමකි.

ඔබගේ Eyekon eClass student account හි username සහ passwword කිසිවිටෙකත් තෙවන පාර්ශවයක් වෙත ලබා නොදෙන්න. ඔබගේ student account එක භාවිතා කර අවසානයේ “logout” වීමට මතකයේ තබාගන්න. ඔබ ඔබගේ student account එක භාවිතා කර අවසානයේ “logout” වීමකින් තොරව ඔබගේ student account සදහා නැවත නැවත log වීමට උත්සහ කළහොත් මෙම ගැටලුව ඔබට නැවතත් පැමිණිය හැක.

ඔබට දැනටමත් මෙම ගැටලුව පවතීනම් ඔබගේ account එක unblock කරගැනීම සදහා පහත සදහන් පෝරමය නිවැරදිව පුරවා SUBMIT” button එක 1වරක් click කරන්න. ඔබගේ username සහ email නිවැරදිව ලබාදීම අනිවාර්ය වේ. ඔබ විසින් අප වෙත ලබාදෙන ලද username හෝ email වල යම් දෝෂයක් පවතීනම් දැනුම්දීමකින් තොරව ඔබගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ඔබගේ ගැටලුව අප වෙත යොමුකර පැය 3ක් ඇතුලත අප විසින් ඔබගේ account එක unblock කිරීම සිදුකරනු ලබයි. පැය 3කට පසුව ඔබ සතුව දැනට පවතින username සහ password භාවිතා කරන ඔබගේ student account සදහා log වන්න. Student accounts unblock කරගැනීම සදහා මෙහි සදහන් දුරකථන අංකය හරහා සම්බන්ද වීමෙන් වලකින්න. අප විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.

4) මම lessons වලට apply කලත් තවම approval එක හම්බවෙලා නෑ.

ඔබගේ Eyekon eClass student account සදහා log වීමෙන් පසුව ඔබට අවශ්‍ය කරන පාඩම් මාලා(lessons) අධ්‍යනය කිරීම සදහා; අදාල lesson එක ඉදිරියේ ඇති “Apply to enroll” button එක මත click කරන්න. ඉන්පසු එය “Applied to course” ලෙස දර්ශනය වේ.

ඉන්පසු; Eyekon institute විසින් ඔබගේ අනන්‍යතාවය තහවුරු කරගත් පසු, ඔබ විසින් ඉල්ලුම් කරන ලද පාඩම් මාලාව (lesson) අධ්‍යනය කිරීම සදහා ඔබට අනුමැතිය (approval) හිමිවේ.

ඉන්පසු; ඔබ විසින් ඉල්ලුම් කරන ලද පාඩම් මාලාව (lesson) ඉදිරියෙන් “Start course” ලෙස දර්ශනය වේ. “Start course” මත click කර ඔබට පාඩම් මාලාවට (lesson) අදාල සියලු උප ඒකක (units) අධ්‍යනය කල හැක.

ඔබ විසින් apply කරන ලද සියලුම lessons සදහා approval ලබාදෙනුයේ ඔබගේ ගුරුවරයා විසිනි. යම් හේතුවක් මත ඔබ විසින් apply කරන ලද lessons සදහා approval නොලැබේ නම් ඔබ ඔබගේ ගුරුවරයා වෙත එම ගැටලුව වාර්තා කිරීම අනිවාර්ය වේ. Lesson approval ලබාගැනීම සදහා මෙහි සදහන් දුරකථන අංකය හරහා සම්බන්ද වීමෙන් වලකින්න. අප විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.

ඔබගේ Eyekon eClass account හා සම්බන්ධ වෙනත් ගැටලුවක්නම්,

අපි කලින් කතා කරපු ගැටළු වලට අමතරව ඔයාගේ account එකේ වෙන මොකක්හරි ගැටළුවක් තියනවනම් විතරක් පහලින් තියන number එකට call කරන්න. Normal voice call එකක් අරගෙන ඔයාගේ ගැටලුව පැහැදිලිව කියන්න. WhatsApp Calls ගැනීමෙන් වලකින්න. Password change/reset කරගන්න අවශ්‍ය අය සහ Login session clear කරගන්න අවශ්‍ය අය මෙහි සදහන් දුරකථන අංකය හරහා සම්බන්ද වීමෙන් වලකින්න. අප විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.

වැදගත් –

සතියේ දින 7ම 9AM – 5PM කාලසීමාව තුල පමණක් දුරකථන මාර්ග විවෘතව පවතී.
ඔබගේ සියලු ගැටළු 9AM – 5PM වේලාව තුලදී පමණක් පහත දුරකථන අංකය වෙත යොමු කරන්න.

Copyright © Eyekon International 2020 | Powered by CrowdLogin